“ආයෝජකයෝ නොඑන්නේ සහ
රට සංවර්ධනය නොවන්නේ,
දූෂණය නිසයි..!
දූෂණ විරෝධී පනත වහා
පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතුයි.”
මහබැංකු අධිපති.
දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, රටේ ආර්ථික ගමන් මගෙන් හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක් කර තිබෙන ප්‍රධානතම හේතුව දූෂණ බව පවසන මහබැංකු අධිපතිවරයා, විදේශීය ආයෝජන රටට නොලැබීම කෙරෙහිද දූෂණය දැඩිව බලපා තිබෙන බව අවධාරණය කරයි.
බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මහජන සම්මන්ත්‍රණයක් අමතමින්, මහබැංකු අධිපතිවරයා මේ අදහස් පළ කර තිබුණි.
මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළිදක්වන ලද යෝජනා දහසයකින් සමන්විත වාර්තාව, දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට අදාලව නැවුම් කතිකාවක් ගොඩනගා ඇති බව පවසන මහබැංකු අධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියේ ය.
ආර්ථික අවපාතය, අසමානතාවය, දරිද්‍රතාවය සහ සමාජ වටිනාකම්වල පරිහානිය, දූෂණයේ අතුරු ඵල යැය මහබැංකු අධිපතිවරයා පවසා තිබේ. එබැවින්, දූෂණයට විරුද්ධව ප්‍රබල සටනක් රට තුළ දියත් කළ යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.