ආර්ථික අපරාධකරුවන් ජයගනී. හොරු සහ ඩීල් කාරයෝ ඇතු-ලේ..! ලැජ්ජයි ජනාධිපති තුමනි..! ලැජ්ජයි අගමැති තුමනි..!

0
505

‘ආර්ථික අපරාධකරුවන් ජයගනී.
හොරු සහ ඩීල් කාරයෝ ඇතු-ලේ..!
ලැජ්ජයි ජනාධිපති තුමනි..!
ලැජ්ජයි අගමැති තුමනි..!’
කෝප් හිටපු සභාපති චරිත හේරත්.


කෝප් කමිටුව සදහා තෝරාගෙන ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද පෙරවරුවේ දී කතානායකවරයා විසින් නිවේදනය කළේ ය.

නම් කළ නව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වූ චරිත හේරත් මහතාගේ නම නැත.
ඒ සම්බන්ධයෙන් සිය විරෝධය හිටපු සභාපතිවරයා විසින් ට්වීටර් පණිවිඩයකින් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි දළ අදහස පහත පරිදි වේ.

‘මාස දෙකකට පසුව කෝප් කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.
අනුමාන කළ පරිදිම මගේ නම එහි නැත. දූෂිත ක්‍රමයට පක්ෂපත ඩීල් කාරයන් ලයිස්තුවට ඇතුළත් වී තිබේ. ජයග්‍රහණය ඔවුන්ගේ ය.
ආර්ථික අපරාධකරුවන්ට අවශ්‍ය වූවේ මාව ඉවත් කර තැබීමටයි.
ජනාධිපති තුමනි – අගමැති තුමනි
ලැජ්ජයි…’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =