ආර්ථික අපරාධ නඩුව. බැසිල් සහ මහින්ද මූල්‍ය මණ්ඩලය සමඟ හුවමාරු කරගත් සියළු ලිපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි.

0
507

ආර්ථික අපරාධ නඩුව.
බැසිල් සහ මහින්ද මූල්‍ය මණ්ඩලය සමඟ
හුවමාරු කරගත් සියළු ලිපි
ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි.

රට බංකොලොත් වීමට වගකිව යුතු පුද්ගලයන් ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබෙන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

ඒ අනුව ආර්ථික අර්බුදය උඩුදුවා තිබුණු කාලය තුළ හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය මහබැංකු මුල්‍ය අරමුදලට ලබා දුන් සියලු ලිඛිත උපදෙස් අධිකරණයට ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කර තිබේ.

රට බංකොලොත් වීමට වගකිව යුතු බව පවසමින් පාර්ශ්ව කිහිපයක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ – හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව් ඩී ලක්ෂමන් යන අයට එරෙහිව මූලික අයිතිවාසම් පෙත්සම් ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 5 =