‘ආර්ථික අර්බුදය උග්‍රයි. ලංකාවේ සංචාරය කරනවානම් සුදුසු රක්ෂණාවරණයක් අරන් යන්න.’ බ්රිතාන්‍යය රජය සිය පුරවැසියන්ට උපදෙස් දෙයි.

0
120

‘ආර්ථික අර්බුදය උග්‍රයි.
ලංකාවේ සංචාරය කරනවානම්
සුදුසු රක්ෂණාවරණයක් අරන් යන්න.’
බ්රිතාන්‍ය රජය
සිය පුරවැසියන්ට උපදෙස් දෙයි.


ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බැවින් අත්‍යවශ්‍ය ඖෂධ-ඉන්ධන හා ආහාර සපයා ගැනීම පිළිබද ගැටළුවක් රට තුළ ඇති බව බි්‍රතාන්‍ය රජය, ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට දැනුම් දෙයි.

මේ තත්ත්වය ප්‍රවාහනය සදහාත් හදිසි ගිලන් රථ සේවා සපයා ගැනීම වැනි දේ සදහාත් බලපෑ හැකි බැවින් සුදුසු ආකාරයේ රක්ෂණාවරණයක් ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඕනෑම මොහොතක උද්ඝෝෂණ සහ විරෝධතා පැන ගැනීමේ අවදානමක් ඇති බවත් එමෙන්ම ඕනෑම මොහොතක ඇදිරිනීතිය සහ හදිසි නීතිය පැනවීමේ අවදානමක් පවතින බවත් ඊට මුහුණ දීම සදහා සූදාමින් සහ සුපරික්ෂාකාරීව සිටිය යුතු බවත් බි්‍රතාන්‍ය රජය සිය පුරවැසියන්ට පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 9 =