“ආර්ථික ඝාතකයින් මැද”
රට බංකොලොත් කලේ කවුදැයි හෙළිකරමින්
කබ්රාල් පොතක් ලියයි.
රට බංකොලොත් කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවෙකු යැයි, බොහෝ පිරිසක් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දෙසට ඇගිල්ල දිගු කරති.
නමුත් එම චෝදනාව පිළිගැනීමට හිටපු මහබැංකු අධිපතිවරයා කිසිසේත්ම සූදානම් නැත.
ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිලිබදව හෙළි දරව් කිරීමටද සූදානමින් සිටියි. ඒ ඔහු විසින් ලියා ඇති නවතම කෘතිය ඔස්සේ ය.
හිටපු මහබැංකු අධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබෙන ආකාරයට ඔහු විසින් ලියා තිබෙන ආර්ථික ඝාතකයන් මැද නම් කෘතිය, ලංකාව බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබදව කරන හෙළිදරව්වකි.