“ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන්, ප්‍රකාශනයේ නිදහස කිසිසේත්ම කැප කළ යුතු නැත.” ඇමරිකානු තානාපතිනිය.

0
208

“ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන්,
ප්‍රකාශනයේ නිදහස කිසිසේත්ම කැප කළ යුතු නැත.”
ඇමරිකානු තානාපතිනිය.


ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන් ප්‍රකාශනයේ නිදහස කිසිසේත්ම කැප කළ යුතු නැති බව මෙරට ඇමරිකානු තානාපතිනිය පවසයි.

ඇය මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ, දැඩි මර්දන නීති හරහා රජය සමාජ මාධ්‍ය පාලනය කිරීමට උත්සාහ දරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබෙන පසුබිමකය.

කලාව, සාමකාමී විරෝධය හෝ සමාජ මාධ්‍ය හරහා ජනතාව ඔවුන්ට තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විදියි. ඔවුන් භුක්ති විදින එම නිදහස, ආර්ථික ස්ථාවර භාවය වෙනුවෙන් කැප කළ යුතු නැති බවයි තානාපතිනිය පවසන්නේ.

ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ අදහස් ප්‍රකාශ කර තිබේ.

ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය මෙන්ම නව්‍යකරණය සදහා වූ අභිලාශයන් අප සියල්ලන්ටම තිබෙන පවසන තානාපතිනිය, ඒ හා සමානවම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ දූෂණයට එරෙහි වූ පද්ධතිමය වෙනසක් පිළිබදවද වූ අභිලාශයන්ද අප සතු බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =