ආශුගේ හිටපු පෙම්වතියට
ඇප ලැබෙයි.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබදව උපදේශකයාව සිටි මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ ආදර්ශා කරදන යන අයට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
ඈ විසින් මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පසුගිය දිනෙක පවත්වා තිබුණු අතර, එම මාධ්‍ය හමුවේ දී ඈ විසින් ප්‍රකාශ කරන ලද කරුණු අසත්‍ය බවට චෝදනා කරමින් ආශු මාරසිංහ මහතා ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ අංශය මගින් ඊයේ දිනයේ දී ආදර්ශා කරදන මහත්මිය අත්අඩංගුවට ගත්තේ ය.
ඈ අද දිනයේ දී ඇප මත මුදා හැර තිබේ.