ඇතුලේ දූෂණය වළක්වන බවට
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
පොරොන්දු වෙයි.
ආදායම් පරිපාලනයට සම්බන්ධ නිළධාරීන් විසින් කරනු ලබන දූෂණය, සමාජයේ සදාචාරාත්මක දේහය ඛාදනයට ලක්කරන බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දූෂණය තුරන් කිරීමේ කාර්යයේ ප්‍රධාන වගකීමක් උසුලනු ලබන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සිය පරිපානනයට දැනුම් දෙන්නේ, “ඔබ හැකි ඉක්මනින් දූෂණය විනාශ කිරීමට මැදිහත් නොවන්නේ නම්, දූෂණය විසින් ලංකාව විනාශ කරනු ඇති;” බවයි.
බදු පරිපාලනයට සම්බන්ධ නිළධාරීන්ට එරෙහිව පවතින අල්ලස් නඩු හැකි ඉක්මනින් විභාග කොට වගකිවයුතු පාර්ශ්වයන්ට දඩුවම් ලබා දීම, රාජ්‍ය ආදායම ආරක්ෂා කර ගැනීම සදහා ගත හැකි ඵළදායී ක්‍රියාමාර්ගයක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී අල්ලස් ලබා ගැනීමට සම්බන්ධවන බදු නිළධාරීන්ට පමණක් දඩුවම් ලබා දීම ප්‍රමාණවත් නොවේ. වැරැද්ද කරනු ලබන්නේ බදු නිළධාරින්, බදු ගෙවන්නන් සහ බදු උපදේශකයන් එක්ව බැවින්, ඒ සියළු පාර්ශ්ව ආමන්ත්‍රණය කළ හැකි විසදුමකට යා යුතුව ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දූෂණය වැලැක්වීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පහත පියවර ගැනීමට නියමිත බව වාර්තාවේ.
අල්ලස් දීම හෝ අල්ලස් ලබා ගැනීම නොඉවසන තත්ත්වයක් ඇති කිරීම.
ඊට අදාල සාක්ෂි එක්රැස් කර ගැනීමටත් අල්ලස් කොමිසමට පැමිණිලිකිරීමටත් වින්දිතයන් දිරිමත් කිරීම.
අල්ලස් කොමිසම මගින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පහත මාළයේ පැමිණිලි ලබා ගැනීම සදහා පෙට්ටියක් තබා තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් වන ඕනෑම අයෙකුට ඒ පෙට්ටියට සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි ය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවංක නිළධාරීන් දිරිගැන්වීමට සදහා කටයුතු කිරීම. බදු නිළධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කරන බදු ගෙවන්නන් පිළිබද තොරත-ුරු ලබා දෙන නිළධාරීන් දිරි ගැන්වීමට කටයුතු කිරීම ඇතුළු තවත් වැදගත් පියවර රැසක් සිය අරමුණ කරා යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැනීමට නියමිත ය.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළකර තිබෙන ලිපිය (ඉංග්‍රීසි පිටපත) පළමු කොමෙන්ටුව ලෙස අපි අමුණා ඇත්තෙමු.
එම ලිපියේ සිංහල පිටපත මේ සතිය තුළ පළ කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අප සමග පැවසී ය.