ඇමතිව හපා කෑමට පැන්නා යැයි කියමින්
ලොහාන් රත්වත්තේගේ ආරක්ෂකයෝ
බල්ලෙකුට වෙඩි තබා මරා දමයි…!
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය සතියේ යාපනයේ සංචාරයක නිරතව ඇති අතර එම සංචාරය අතරතුර ඔහුගේ ආරක්ෂකයන් ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත් කරන ආකාරයේ හැසිරීමක නිරතව ඇති බව සන්ඩේ ටයිම්ස් පුව්තපත වාර්තා කරයි.
අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් විසින් අමාත්‍යවරයා වෙත කඩන් පැන්නා යැයි කියමින් නිවසක ඇති කරන බල්ලෙකුට වෙඩි තබා තිබේ.
අදාල වෙඩි තැබීමෙන් එම බල්ලා මියගොස් ඇති බව පැවසේ.
මෙම සිදුවීමට විරෝධය පළ කර තිබෙන සත්ව හිංසනයට එරෙහි සංවිධාන එකී ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබදව සොයාබලමින් සිටින බව පැවසේ.
වඩමාරච්චි ප්‍රදේශයේ දී අදාල සිද්ධිය සිද්ධ වී ඇති බව පැවසෙන අතර එම සිද්ධියට විරෝධය පල කරමින් විරෝධතාවක් පැවැත්වීමටද කටයුතු කර තිබේ.