ඇමති අලි සබ්රී
ඔහුගේ පුත්‍රයාත්
නිව්යෝර්ක් අරන් ගිහින්…!
එක්සත් ජාතීන්ගේ සමුළුව සදහා සහභාගීවීමට නිව්යෝර්ක් බලා ගොස් සිටින නියෝජිත කණ්ඩායමට, විදේශ කටයුතු අමාත්‍යවරයා වන අලි සබ්රී මහතාගේ පුත්‍රයාද ඇතුළත්ව සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුළුවට සමගාමීව පැවැති උත්සවයක් සදහා, අමාත්‍ය වරයා සමග ඔහුගේ පුත්‍රයාද සහභාගී වී සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව සදහා සහභාගී වී සිටින ශ්‍රී ලාංකික නියෝජිත පිරිස අතරට, අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළත් වූවේ කෙසේ දැයි සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කරයි.
අලි සබ්රි අමාත්‍යවරයාගේ පුත්‍රයාට අමතරව, පොහොට්ටු පක්ෂයේ, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී දොලවත්ත සහ සමගි ජන බලවේගයේ වඩිවේල් සුරේශ් යන අයද, ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සදහා සහභාගී වීමට නිව්යෝර්ක් බලා ගොස් තිබුණි.