‘ජනක රත්නායකට එරෙහිව
චෝදනා පත්‍රය සකස් කර අවසන්…!’
ඇමති කාන්චන.
‘එකී චෝදනා පත්‍රයට මුහුන දීමට
මහත් උනන්දුවෙන් බලා සිටිනවා.’
ජනක රත්නායක.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් නෙරපා දැමීම සදහා වූ චෝදනා පත්‍රය මේ වන විට සකස් කර අවසන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා අද පැවති ප්‍රවෘති සාකච්ඡාවකදී පැවසී ය.
ඊට අමතරව ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයෙන් නෙරපා හැරීම සදහා ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරු ඔවුන්ගේ අත්සන් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.
කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති බව කියන චෝදනා පත්‍රයට මුහුණ දීම සදහා තමා ඉමහත් උනන්දුවෙන් බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.