ඇමති කාන්චන
ඛණිජ තෙල් සංස්ථාවේ වැඩ ගැන
සී.අයි.ඩීයට පැමිණිලි කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ලිමිටඩ් යන ආයතන දෙකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය – යෝජනා ඇගයීම – ඇනවුම් ලබා දීම – සැපයුම් කරුවන් තෝරා ගැනීම – ගෙවීම් ප්‍රමාද කිරීම – බෙදා හැරීමේ දී සිදුව තිබෙන අක්‍රමිකතා සහ පාරිභොගික ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබදව විමර්ෂණය කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා පවසයි.