ඇමති දියණියගේ ලක්ෂ 25 ක් වටින මුද්ද සොරාගත් බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට..!

0
1002

ඇමති දුවගේ ලක්ෂ 25 ක් වටින මුද්ද
සොරාගත් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනී.

කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියකගේ ලක්ෂ විසි පහක් පමණ වටිනා මුද්දක් නැති වී ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණු අතර එම මුද්ද සොරාගත් බවට සැකකරමින් මේ වන විට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

ඇමති දියණිය සති අන්තයේ යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් ඇති බවත් මුද්ද නැති වී ඇත්තේ ඇය නැවතී හුන් හෝටලයේ දී බවත් වාර්තා වේ.

ඇමති දියණිය මුද්ද ගලවා තබා ස්නානය කර ඇති බවත් නැවත මුද්ද දමා ගැනීමට ඇයට අමතක වී ඇති බවත් ඒ අතර තුරේ දී පෙදරේරුවා විසින් මුද්ද සොරාගෙන ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි.

අදාල ඇමතිවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − two =