ඇමති බන්දුලට හූ තැබූවයි හඹාගොස් අත්අඩංගුවට ගනී.

0
577

ඇමති බන්දුලට හූ තැබූවයි
හඹාගොස් අත්අඩංගුවට ගනී.

හෝමාගම පිටිමන මන්සන්ධිය ආසන්නයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සිටි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හූ තැබූ පුද්ගලයෙක-ු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්සන්ධියේ ඉදිවන බුදු මැදුරකට මුල් ගල තැබීමේ උත්සවයකට අමාත්‍යවරයා සහභාගී වෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ දී මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක සිටි පුද්ගලයෙන් අදාල උත්සවයට සහභාගී වී සිටි අමාත්‍යවරයා ඇතුළු පිරිසට හූ තියා පලාගොස් තිබේ.

සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

ආගමික උත්සවයකට බාධා කිරීම සහ ආගමක් ඇදහීමේ අයිතියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =