ඇමති රොෂාන්
මේ සතියේ
ඉල්ලා අස්වෙයි..?
රොෂාන් රණසිංහ, මේ සතියේ දී ක්‍රීඩා අමාත්‍යදූරයෙන් ඉවත් වීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති වූ අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා තමන් කැද වූ අවස්ථාවේ දී, ඉල්ලා අස්වීමට සූදානම් බව, ඔහු ජනාධිපතිට පැවසූවේ යැයි රොෂාන් රණසිංහ මහතා මීට පෙර පවසා තිබුණි.
එමෙන්ම, රොෂාන් රණසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගද සාකච්ඡාවක නිරත ව ඇති බව දැනගන්නට ඇතැයි, ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.