ඇමති සියඹලාපිටිය අමූලික බොරු කියයි. උපයනවිට ගෙවීමේ බද්දට හසුවෙන පිරිස ඇමති කියන ආකාරයට 120,965 ක් නොවේ; 1,149,883 ක්.

0
122

ඇමති සියඹලාපිටිය අමූලික බොරු කියයි.
උපයනවිට ගෙවීමේ බද්දට හසුවෙන පිරිස
ඇමති කියන ආකාරයට 120,965 ක් නොවේ;
1,149,883 ක්.

රජය විසින් හදුන්වා දී තිබෙන අළුත් බදු සංශෝධනය යටතේ උපයන විට ගෙවීමේ බද්දට හසුවන පිරිස සමස්ත වැඩ කරන ජනතාවගෙන් 120,965 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසා තිබේ. ඔහුගේ ගණන් බැලීමට අනුව එම සංඛ්‍යාව සමස්ත ශ්‍රම බලකායෙන් 2.6% කි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂාකර තිබෙන ෆැක්ට් චෙක් ආයතනය, මෙය අමූලික බොරුවක් බව පවසයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව උපයන විට බද්දට හසුවන පිරිස අවම වශයෙන් (මෙම දත්ත 2019 වසරට අදාල දත්ත බැවින් 2023 දී එම සංඛ්‍යා නිසැක වශයෙන් තවත් ඉහළ ගොස් තිබිය යුතු බව ෆැක්ට් චෙක් පවසයි.) 1,149,883 ක් බව ෆැක්ට් චෙක් ආයතනය පවසයි.

එමෙන්ම එම ප්‍රමාණය අමාත්‍යවරයා සැහැල්ලුවෙන් පවසා ඇති පරිදි සමස්ත ශ්‍රම බලකායෙන් 2.6% ක් නොව; 13.4% ක් බවද ෆැක්ට් චෙක් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 12 =