ඇමරිකානුවන්
22 දෙනෙකු ඝාතනය කළ
සැකකරු හදුනා ගනියි.
ඔහු, මානසික ව්‍යාධියකින් පෙළෙන
ඇමරිකානුවෙක්.
ඊසාන දිග ඇමරිකාවේ මේන් නම් ප්‍රදේශයේ පුද්ගලයන් විසි දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ රොබරට් කාර්ඩ් නමැති ඇමරිකානුවකු විසිනි.
ඔහු බලපත්‍රලාභී ගිනි අවි උපදේශකයෙකු බවත්, එක්සත් ජනපද යුද හමුදාවට සම්බන්ධව සිටි අයෙකු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවද තහවුරු කරගෙන තිබේ.