‘ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලබා දුන් සහාය නොවන්නට මෙවර මහකන්නය අසාර්ථක වන්නට ඉඩ තිබුණි..!’ ජනපති රනිල් කියයි.

0
368

‘ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්
ලබා දුන් සහාය නොවන්නට
මෙවර මහකන්නය අසාර්ථක වන්නට ඉඩ තිබුණි..!’
ජනපති රනිල් කියයි.

නිදහස ලබා ගෙවුණු වසර 74 ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සෑම අසීරු අවස්ථාවකදීම ඇමරිකා එක්සත් ජනපදය අපේ සහායට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.

2001 වසරේ දී තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිවිල් යුද්ධය පාලනය කර ගැනීම සදහා හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ නායකත්වයෙන් යුතු ඇමරිකාව තමන්ට සහාය දුන් බව ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.

එමෙන්ම 2004 වසරේ දී සුනාමි ඛේදවාචකයට රට ගොදුරු වූ මොහොතේ දී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ උදව්වට පැමිණි බව සිහිපත් කරන ජනාධිපතිවරයා වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ලබා දුන් සහාය නොවන්නට මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමට නොහැකි වන්නට තිබුණු බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =