ඇමරිකානු සංචාරකයන්ගේ අවධානය ලංකාව දෙසට යොමු කිරීමට ඇමරිකානු තානාපතිනිය පොරොන්දු වෙයි.

0
132

ඇමරිකානු සංචාරකයන්ගේ අවධානය
ලංකාව දෙසට යොමු කිරීමට
ඇමරිකානු තානාපතිනිය පොරොන්දු වෙයි.


ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගිය දා සිදු ව තිබේ.

එම හමුව පිළිබදව විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබෙන ඇමරිකානු තානාපතිනිය ලංකාවේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සදහා අවශ්‍ය කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් පිළිබදව සාර්ථක සාකච්ඡාවක් අමාත්‍යවරයා සමග පැවැත් වූ බව පවසා සිටියි.

එමෙන්ම ලංකාවේ සංස්කෘතික සහ ස්වභා සෞන්දර්යය පිළිබදව ඇමරිකානුවන් සමග අදහස් බෙදා හදා ගැනීමට තමන් උනන්දුවෙන් පසුවන බවසා ඇති තානාපතිවරිය ලංකාවේ ආර්ථික පුණර්ජීවනය සදහා සංචාරක කර්මාන්තය අතිශයින්ම වැදගත් බවත් අවධාරණය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 6 =