ඇමරිකානු සංචාරකයන් 108 දෙනෙක් රැගත් ඕෂන් ඔඩිසි නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි.

0
80

ඇමරිකානු සංචාරකයන්
108 දෙනෙක් රැගත් ඕෂන් ඔඩිසි නෞකාව
කොළඹ වරායට සේන්දු වෙයි.


සූඛෝපභෝගී මගී නෞකාවක් වන ඕෂන් ඔඩිසි අද දිනයේ දී කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇත්තේ පොහොසත් ඇමරිකානු සංචාරකයන් 108 දෙනෙකු සමගයි.
නෞකාව කොළඹ වරායේ සිට ත්‍රීකුණාමලය වරාය දක්වා යෑමට නියමිතය.

ඒ අතර කාලයේ නෞකාවෙන් පැමිණි සංචාරකයන් කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය හා ත්‍රීකුණාමලයේ සංචාරය කරන බව පැවසේ.

පසුව එම සංචාරකයන් ත්‍රීකුණාමල වරායට සේන්දු වී තිබෙන ඔවුන් පැමිණි නෞකාව ඔස්සේ තායිලන්තය බලා පිටත් වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =