ඇමරිකාවේ සිට ආ ගෝඨා
ආයෙම ඇමරිකාවටම යාමට මාන බලයි..!
ග්‍රීන් කාර්ඩ් සදහාත් අයදුම් කරයි.
නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මාසයේ 24 වන දා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
තුන්වන ගමනාන්තයක් සොයාගන්නා තෙක් තායිලන්තයේ නැවතී සිටීමට හිටපු ජනාධිපතිවරයා කලින් තීරණය කර තිබුණද ආරක්ෂාව පිළිබද අවධානමක් ඇති බැවින් නැවතී සිටින හෝටලයෙන් පිටතට නොයන්නැයි තායිලන්ත පොලිසිය ඔහුට උපදෙස් දී ඇති බැවින් නැවත මෙසේ ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
ඔහු නැවත ලංකාවට පැමිණියහොත් හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලබා දී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්ත ඇත්තේ ලංකාවේ ස්ථාවර වීම නොවේ පුතු සහ බිරිද සමග නැවත ඇමරිකාවේ පදිංචියට යාමටයි.
ඒ අනුව ඔහුගේ නීතීඥයන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද සහ පුතු ඇමරිකානු පුරවැසියන් වීම හේතුවෙන් ඔහුටද යළි ඇමරිකානු පුරවැසි භාවය ලබා ගැනීමේ හැකියාව ඇති බව බැලූ බැල්මට පෙනී යයි.
කෙසේ වෙතත් නීතීඥයන් ඒ සදහා කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.