ඇඹිලිපිටිය රෝහලේ
එකම නිර්වින්දන වෛද්‍යවරයාත්
යන්න යයි.
සැත්කම් නවතී.
ඇඹිලිපිටිය රෝහලට අනුයුක්තව සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයාද පෙර දැනුම් දීමකින් තොරව රෝහල හැරගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, හදිස් සිසේරියන් සැත්කම් සහ අනෙකුත් සැත්කම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් රෝහල තුළ උද්ගතව ඇති බව පැවසේ.
අදාල නිර්වින්ද වෛද්‍යවරිය, පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තාකර නොමැති අතර, රෝහල් බළධාරීන්ට ද එකී වෛද්‍යවරිය සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය මත, ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරන සැත්කම් සදයා යොමු කළ යුතු රෝගීන් රත්නපුර මහරෝහලට මාරුකර යවන බව පැවසේ.