ඉංග්‍රීසියෙන් අත්සන ගහපු ජනාධිපති තුමා
දැන් අත්සන ගහන්නේත් සිංහලෙන්…!
සුමන්තිරන් කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ සුපුරුදු ඉංග්‍රීසි අත්සන වෙනුවට සිංහල අත්සනකට මාරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පවසයි.
පසුගිය දා අත් අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තරුණ අරගලකරුවන් තිදෙනාට එරෙහි රැදවුම් නියෝගය සදහා ජනාධිපතිවරයා මෙසේ සිංහලෙන් අත්සන් තබා ඇති බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ.
ජනාධිපතිවරයා සිය අනන්‍යතාවය වෙනස් කර හෝ සමාජයේ කිසියම් කොටසක් ආමන්ත්‍රණය කිරීම සදහා මෙසේ සිංහලෙන් අත්සන් තැබීට පෙළඹී ඇද්දැයි ඔහු ප්‍රශ්න කරයි.