ඉටුකම අරමුදල වසා දමයි. ශේෂය රුපියල් 216,877,431.05 ක්. එම මුදල ජනාධිපති අරමුදලට බැර කරයි.

0
165

ඉටුකම අරමුදල වසා දමයි.
ශේෂය රුපියල් 216,877,431.05 ක්.
එම මුදල ජනාධිපති අරමුදලට බැර කරයි.


කෝවිඩ් වසංගතය උඩුදුවා තිබු සමයේ ස්ථාපිත කරන ලද ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මෙහෙයුම් කටයුතු අවසන් කර ඇති බව වාර්තා වේ.

2022 ඔක්තෝබර් 18 වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබේ.
ඉටුකම අරමුදල සදහා රුපියල් 2207164785.58 ක මුදලක් ලැබී තිබුණි.

එම මුදලෙන් රුපියල් 1,997,569,456.56 ක ප්‍රමාණයක් වසංගතය මර්දනය සදහා වැය කර තිබුණු අතර 2022 ඔක්තෝබර් 18වන දා ට අදාල ශේෂය රුපියල් 216,877,431.05 ක් බවත් එම මුදල ජනාධිපති අරමුදලට බැර කර ඇති බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =