ඉතිහාසයේ ඉහළම බදු ආදායම
මේ වසරේ…!
අපේක්ෂිත බදු ආදායම
රුපියල් ට්‍රිලියන 03 ක්.
2023 වසරේ දී රුපියල් ට්‍රිලියන තුනක බදු ආදායමක් ඉපැයීමට රජය බලාපොරොත්තු වේ.
එය ශ්‍රී ලංකාව වසරක් තුළ උපයා ගැනීමට අපේක්ෂා කරන ඉහළම බදු ආදායමයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ, ආර්ථික සංවර්ධන හා ස්ථායීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඩබ්.එම්.ජී. කුමාරතුංග මහතා පවසා ඇති ආකාරයට, පසුගිය නොවැම්බර් 17 වන දා විට, රුපියල් බිලියන 2,394 ක බදු ආදායමක් උපයා තිබේ.
වසර අවසන් වීම සදහා තවත් මාසයකට වැඩි කාලයක් පවතින බැවින්, රජය අපේක්ෂා කරන රුපියල් ට්‍රිලියන තුනේ සීමාව ඉක්මවා යන බදු ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි, ඔහු පවසයි.
මේ වන විට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලිය 1,667 ක ආදායම් රජයට උපයා දී තිබේ.
දෙවනුවට වැඩිම ආදායමක් රජයට උපයා දී ඇත්තේ රේගුවයි. රේගුව රුපියල් බිලියන 1,667 ක මුදලක් රජයට උපයා දී තිබෙන අතර, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 217 ක මුදලක් මේ දක්වා රජයට උපයා දී තිබේ.
බදු අයකිරීම කාර්යක්ෂම කිරීම සදහා බදු පදනම පුළුල් කිරීම මෙසේ රජයේ බදු ආදායම් ඉහළ යාමට හේතු වී ඇතැයි, ජනාධිපති ලේකම් කාර්යාලයේ, ආර්ථික සංවර්ධන හා ස්ථායීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඩබ්.එම්.ජී. කුමාරතුංග මහතා පවසයි.