ඉන්ද්‍රජිත් කුමාරස්වාමී සහ සුනිල් මෙන්ඩිස්
යන මහත්වරු විශ්‍රාම වැටුපක් එපා කියද්දී
කබ්රාල් පමණක් ඒකත් සාක්කුවේ දා ගනී.

0
260

ඉන්ද්‍රජිත් කුමාරස්වාමී සහ සුනිල් මෙන්ඩිස්
යන මහත්වරු විශ්‍රාම වැටුපක් එපා කියද්දී
කබ්රාල් පමණක් ඒකත් සාක්කුවේ දා ගනී.

විශ්‍රාමික මහබැංකු අධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීම හිටපු මහබැංකු අධිපතිවරුන් වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමී සහ සුනිල් මෙන්ඩිස් යන අය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

එම විශ්‍රාම වැටුව මේ වන විට ලබා ගනිමින් සිටින්නේ හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පමණි.

අජිත් නිවාඩ් කබ්රාල් 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා මහබැංකු අධිපතිවරයා ලෙස ඔහුගේ පළමු සේවා කාලය ගත කළේ ය. ඒ අනුව එම කාලයට අදාලව ඔහුට හිමි හිග විශ්‍රාම වැටුප කබ්රාල් විසින් 2021 දෙසැම්බර් මාසයේ දී ලබා ගෙන තිබුණි.

ඉන් පසුව නැවත ඔහු 2021 සැප්තැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කලේ ය. ඉන් පසුව, එම කාලයේ ඔහු ලැබූ වැටුපට අනුව සකස් කළ විශ්‍රාම වැටුපක් මේ වන විට කබ්රාල් විසින් ලබා ගනිමින් සිටියි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පුවත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + eleven =