ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර ලක්ෂ 20 ක් තාමත් රේගුවේ…!

0
80

ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර ලක්ෂ 20 ක්
තාමත් රේගුවේ…!


මෙරට බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සදහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ විස්සක ප්‍රමාණයක් තවමත් රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ.

බිත්තර රේගුවෙන් මුදා හැරීම සදහා අත්‍යවශ්‍ය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ දක්වා ඒ සදහා ලැබී නැත.

ඉන්දියාවෙන් අල ළූණු සහ පරිප්පු ඇතුළු අනෙක-ුත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී මතු නොවන ගැටළුවක් බිත්තර ආනයනයේ දී මතුව තිබීම සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා දැඩි විරෝධය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දක්වා තිබේ.

කෙසේ වෙතත්, අල ළූණු සහ පරිප්පු ගෙන්වන ආකාරයෙන් රට තුළට බිත්තර ආනයනය කිරීමට ඉඩ නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසා තිබේ.

බිත්තර රට තුළ ගැනීමට පෙර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ පශු වෛද්‍ය ආයතන පරීක්ෂණ වාර්තා ලබා ගත යුතු බවත් එම වාර්තා මගින් කුරුළු උණ වෛරසය නැති බව සහතික කරගත යුතු බවත් ඈ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − 3 =