ඉන්දියාවෙන් තවත් අපට මූල්‍යාධාර නෑ..!

0
431

ඉන්දියාවෙන්
තවත් අපට මූල්‍යාධාර නෑ..!


තවදුරටත් ලංකාවට මූල්‍යාධාර ලබා දීමේ බලාපොරොත්තුවක් නැති බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමෙන් පසුව ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර වේ යැයි තමන් අපේක්ෂා කරන බව ඉන්දියාව පවසා තිබේ.

මේ වන විටත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ට ආසන්න ණය පහසුකම් ලබා දී තිබේ.
ඉන්දියාවේ මෙම තීරණය කල් තියාම ඉන්දියාව විසින් ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වසර අවසානයේ දී ජපානය චීනය සහ ඇතැම් විට දකුණු කොරියාව සමග එක්ව ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා ගැනීම සදා පැවැත්වීමට නියමිත ආපරිත්‍යාගශීලීන්ගේ සමුළුවට ඉන්දියාවට ද ආරාධනා කිරීමට නියමිතව ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + one =