“ඉන්දියාවේ විරෝධය ප‍්‍රබලයි..!
චීන යුද නැව හම්බන්තොට වරායට එන ගමන
කල් දමන්න.”
ශ‍්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලයි.
යූආන් වැංග් 05 නෞකාව හම්බන්තොට වරායට සේන්දු වන දිනය කල් දමන ලෙස ශ‍්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
යූආන් වැංග් 5 චීනයේ නිෂ්පාදිත අති නවීන යුද නැවක් සේ සැලකේ.
නැව, අගෝස්තු මාසයේ එකොළොස්වනදා හම්බන්තොට වරාය වෙත සේන්දු වීමට නියමිතය.
නැව හම්බන්තොට බලා පැමිණෙන්නේ ඉන්ධන ඇතුළු සේවා සපයා ගැනීම වෙනුවෙන් බව ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ප‍්‍රකාශ වී තිබුනද, ඉන්දියාව, චීන යුද නැව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කර තිබෙන බව පැවසේ.
ඒ අනුව, අදාල නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන දිනය හැකිතාක් ප‍්‍රමාද කරන ලෙස ශ‍්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලා තිබේ.
ඒ සම්බන්ධයෙන් චීනයේ ප‍්‍රතිචාරය මේ දක්වා වාර්තා වී නැත.