ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එකෙන්
රුපියල් බිලියන 1.2 ක් වැයකර
නුසුදුසු දුම්රිය මැදිරි 160 ක්
ආනයනය කරයි…!
අයිලන්ඩ් මුල්පුවත.
ඉන්දීය ණය ආදාර යටතේ රුපියල් බිලියන 1.2 ක වටිනාකමකින් යුතු දුම්රිය මැදිරි 160 ක් ආනයනය කර තිබෙන බවත් එම දුම්රිය මැදිරි මෙරට භාවිතය නුසුදුසු බවත් ජාතික විගණන කාර්යාලය උපුටා දක්වමින් අයිලන්ඩ් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිසි ලෙස පරීක්ෂාවට ලක් කර තිබෙන්නේ දුම්රිය මැදිරි 10 ක් පමණක් බවත් අනෙක් සියල්ල පරීක්ෂාවකින් තොරව ආනයනය කර ඇති බව පැවසේ.
ආනයනය කර තිබෙන දුම්රියමැදිරිවල දිග උස සහ පළල මෙරට ධාවනයට යොදා ගනු ලබන දුම්රිය මැදිරි හා සසදා බැලීමේ දී නුසුදුසු බව ජාතික විගණන කාර්යාලය තහවුරු කර තිබේ.
මේ ඇතැම් අඩුපාඩු දුම්රිය ධාවනයේ වේගයට බලපාන බවද පැවසේ.