ඉන්දීය ධීවරයන් 10 දෙනාත් -යාත්‍රා 94 ත් නිදහස් කරන ලෙස ලංකා රජයට බලකරන්න. තමිල්නාඩු මහ ඇමති ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

0
81

ඉන්දීය ධීවරයන් 10 දෙනාත්
යාත්‍රා 94 ත් නිදහස් කරන ලෙස
ලංකා රජයට බලකරන්න.
තමිල්නාඩු මහ ඇමති ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.


ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් වහාම ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසත් තමිල්නාඩුවේ මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වන එස්.ජයිෂන්කර් වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු මහ ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන්ට අයත් ධීවර යාත්‍රා 94 ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් එම යාත්‍රා සියල්ල මුදා හරින්නයි ලංකා රජයට බලකරන ලෙසද මහ ඇමති සිය ලිපියෙන් ඉල්ලා තිබේ.

ජූනි මාසයේ සිට පස් වතාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් අත් අඩංගුවට ගෙන ඇති බව තමිල්නාඩු මහ ඇමති පවසයි.
ශ්‍රී ලංකා අත් අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් සියළු දෙනා තමිල්නාඩුවේ නාගපට්ටම් සහ මයිලදුතුරෙයි යන ප්‍රදේශවලින් පැමිණි අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =