ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා
අද දිවයිනට පැමිණෙයි.
ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ආර්. හරිකුමාර් මහතා සිව් දින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.
චීනය, සිය නාවික බලය, ශ්‍රී ලංකාව උපයෝගී කර ගනිමින් ඉන්දියානු සාගර කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ අනවරත උත්සාහයක නිරතව සිටින අතරේදී යි ඉන්දීය නාවික හමුදා ප්‍රධානියාගේ මෙම සංචාරය සිදුවන්නේ.
විශේෂයෙන්ම යුආන් වැන්ග් – 5 නමැති චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබුණි. ඉන්දියාව ප්‍රකාශ කර තිබුණු ආකාරයට යුආන් වැන්ග් 05 ඔත්තු බැලීමේ නෞකාවකි.