ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා ජනපති රනිල් සහ බැසිල් රාජපක්ෂ හමු වෙයි.

0
314

ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා
ජනපති රනිල් සහ බැසිල් රාජපක්ෂ හමු වෙයි.


ඉන්දියානු රෝ ඔත්තු සේවාවේ ප්‍රධානියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන අය මුණ ගැසී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම සාකච්ඡාවන් සිදු වී ඇත්තේ පසුගිය සතියේ සදුදා දිනයේ දී බව පැවසේ.

රෝ ප්‍රධානියා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවට ජනාධිපතිගේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන සාගල රත්නායක සහ ඉන්දියාවේ ශ්‍රි ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන මිලින්ද මොරගොඩ යන අය සහභාගී වී ඇති බව පුවත්පත පවසයි.

රෝ ඔත්තු සේවාවේ ප්‍රධානියා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුව වෙනම සිදු වී තිබේ.

බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිවරයා යන දෙදෙනාම මුණ ගැසීමට රෝ ඔත්තු සේවය කටයතු කර තිබෙන්නේ ඇයි යන ප්‍රශ්නය පුවත්පත මතුකර තිබේ.

රෝ ප්‍රධානියා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේ දී දෙරටෙහි ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කර ඇති බව පුවත්පත පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 7 =