‘ඉන්දීය සම්භවයක් ඇති රිෂී සූනක්
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යධූරයට..!
ද්විත්ව පුරවැසි බැසිල්
පාර්ලිමේන්තුවෙනුත් දොට්ට..!
අපි මේ කොහාටද යන්නේ..?’
මහින්ද පතිරණ අසයි.
ඉන්දීය සම්භවයක් සහිත රිෂී සූනක් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය. වෙනත් ජාතිකත්වයක් සහිත පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යධූරය සදහා පත්වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.
රිෂී සූනක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය සදහා පත්වීමට නියමිත අවස්ථාවේ දී පසුගිය දා සම්මත කර ගන්නා ලස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ දොරගුළු වසා දැමුවේ ය.
මේ සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද පතිරණ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබේ.
පහත දැක්වෙන්නේ එම සටහනයි.
මහින්ද පතිරණ මහතා තමන් දැඩි බැසිල් වාදියෙකු බව තමන් විසින්ම හදුන්වා ගනු ලබන අයෙකි.
