ඉන්දුනීසියානු රජය ලිංගික තහංචි පැනවීමට සූදානම් වෙයි…!
විවාහයට පෙර ලිංගික සම්බන්ධතා සදහා මාස හයක සිර දඩුවමක්.
විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා සදහා අවුරුද්දක සිරදඩුවමක්..!
ලිංගික සම්බන්ධතා පාලනය කිරීමේ නව නීිති සම්පාදනයට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව විවාහක සහකරු හෝ සහකාරියෙන් අනියම් ලිංගික ඇසුරක් පවත්වන බවට චෝදනා එල්ල වුවහොත් ඔහුට හෝ ඇයට අවුරුද්දක උපරිම සිරදඩුවමක් නියම කිරීමේ නීතියක් ගෙන ඒමට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව සූදානම් වෙයි.
අදාල වරද සම්බන්ධයෙන් පැමිණිලි කිරීම කළ හැක්කේ එම වරද කරන ලද අයගේ නීත්‍යනුකූල සැමියා හෝ බිරිද විසිනි.
ඊට අමතරව විවාහට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම නතර කිරීමට අදාලවද එම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.
ඒ අනුව විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම මාස හයක සිරදඩුවමක් ලැබිය හැකි වරදකි.
මෙම නීති ඉන්දුනීසියානු පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ටද එක ලෙස අදාල වන බව පැවසේ.
මෙම නීති එරට සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපෑ හැකි බව සංචාරක කර්මාන්තයෝ නියුතු පිරිස් අවධාරණ කරයි.