“ඉන්ධන අලෙවියෙන් ලාභ උපයන්නේ සිපෙට්කෝ පමණයි. සිනොපෙක් සහ අයි.ඕ.සී දෙකටම පාඩුයි..!” ඇමති කාන්චන.

0
710

“ඉන්ධන අලෙවියෙන්
ලාභ උපයන්නේ සිපෙට්කෝ පමණයි.
සිනොපෙක් සහ අයි.ඕ.සී
දෙකටම පාඩුයි..!”
ඇමති කාන්චන.

ඊයේ දිනයේ සිදු වූ මිල සංශෝධනයෙන් පසුව, සිපෙට්කෝ, සිනොපෙක් සහ අයි.ඕ.සී යන සමාගම්, ඉන්ධන ආනයනය, අලෙවිය සහ බෙදා හැරීමේ දී දරුනු ලබන පිරිවැය සාරාශංය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා සිය නිල ෆේස් බුක් පිටුවේ පළ කොට තිබේ.

ඒ අනුව. සෑම වර්ගයකම ඉන්ධන අලෙවියෙන් ලාභයක් උපයනු ලබන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හෙවත් සිපෙට්කෝ ආයතනය පමණි.

සිනොපෙක් සමාගම, පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන වර්ග දෙකට අයත් ඛාණ්ඩ හතරෙන්ම පාඩු ලබන අතර, ඉන්දීය ඔයිල් සමාගම, ලංකා සුපර් ඩීසල් අලෙවියේ දී පමණක්, ලීටරයකට ශත පනස් දෙකක ලාභයක් උපයයි.

සටහන 01.
සිපෙට්කෝ සෑම ඉන්ධන වර්ගයකින්ම ලාභ ලබයි.

සටහන 02.
අයි.ඕ.සී සමාගම, ලංකා සුපර් ඩීසල් අලෙවියේ දී පමණක්, ලීටරයකට ශත 52 ක ලාභයක් වාර්තා කරයි.

සටහන 03.
සිනොපෙක් සමාගම, සෑම ඉන්ධන වර්ගයක් අලෙවියේ දී ම පාඩු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 10 =