ඉන්ධන ආනයනය සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගිය දා ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාවෙන් ඉල්ලා ඇති මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදල, ඊට පෙර ලබාගත් මුදල්වලට අමතරව ලබා ගැනීමට නියමිත ණය මුදලකි.
මෙම ඩොලර් මිලියන පන්සියය ලැබුනොත්, ඉන්ධන ආයනය සදහා මේ දක්වා ඉන්දියාවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 දක්වා ඉහළ යයි.
ඉන්ධන ආනයනය සදහා ඉන්දියාව මීට පෙර ඩොලර් මිලියන පන්සියයක ණය පහසුකමක් ලබා දී තිබුණි. එමෙන්ම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සදහා ඉන්දියාව ලබා දුන් ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් තවත් ඩොලර් මිලියන 200 ක මුදලක් ද ඉන්ධන ආනයනය සදහා යොදවා තිබුණි.