ඉන්ධන කෝටාව වැඩි කර ලබා දෙන දිනයේ සිට ගාස්තුව අඩු කිරීමට ත්‍රීරෝද රථ රියැදුරෝ තීරණය කරති.

0
96

ඉන්ධන කෝටාව වැඩි කර ලබා දෙන දිනයේ සිට
ගාස්තුව අඩු කිරීමට ත්‍රීරෝද රථ රියැදුරෝ තීරණය කරති.

මගීප්‍රවාහන ත්‍රීරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ඊයේ දිනයේ දී රජය තීරණය කළේ ය.

ඒ අනුව එළැඹෙන නොවැම්බර් හය වන දා සිට බස්නාහිර පලාත තුළ ලියාපදිංචි ත්‍රීරෝද රථ සදහා සතියකට ඉන්ධන ලීටර් 10 ක් ලබා දීමට නියමිත ය.

රජය ඉන්ධන කෝටාව වැඩි කර ලබා දෙන දිනයේ සිට ත්‍රීරෝද ගාස්තු අඩු කිරීමට ත්‍රීරෝද රථ සංගම් තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සදහා අය කරන ගාස්තුව රුපියල් විස්සකින් පහත දමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =