ඉන්ධන බෙදා හැරීමට බාධා කරන
වෘත්තීය සමිති නියෝජිතයන්
සේවයෙන් ඉවත් කිරීම සදහා
අවශ්‍ය පියවර ගන්න..!
අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංඝණය කරමින් ඉන්ධන බෙදා හැරීමට සහ අනෙකුත් සේවකයන්ගේ රාජකාරියට බාධා ඇති කරන වෘත්තීය සමිති නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාවතිවරයාට උපදෙස් දී ඇති බව පවසයි.
අදාල වෘත්තීය සමිති නියෝජිතයන් රැකියාවෙන් ඉවත් කිරීම සදහා කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩය පහතින්.
