‘රට පුරා යළිත් ඉන්ධන පෝලිම්.’
මාධ්‍ය වාර්තා කරයි.
‘ඉන්ධන බෙදා හැරීම උදෑසන හයේ සිට
සාමාන්‍ය තත්ත්වයට පත් කලා.’
ඇමති.
ඛණිජතෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ වෘත්තීය සමිති විසින් අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ නැවතත් ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබේ.
ඊට අමතරව අද උදෑසන වන විට ඉන්ධන නොමැතිව ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවද දක්නට ලැබේ.
කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසන්නේ අද උදෑසන හයේ සිට කොළොන්නාව සහ මුතුරාජවල පර්යන්ත හරහා ඉන්ධන බෙදා හැරීම යළි අරඹා ඇති බවයි.
හමුදාව සහ පොලිසිය ඒ සදහා සහාය ලබා දෙමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.
