ඉන්ධන බෙදා හැරීම
බවුසර් 400 සිට බවුසර් 100 ට බැහැලා.
ඉන්ධන හල් වෙත ඉන්ධන බෙදා හැරීම සදහා යොදා ගන්නා බවුසර් ප්‍රමාණය බවුසර් 100 දක්වා අඩු වී ඇති බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි.
මීට පෙර ඉන්ධන බෙදා හැරීම සදහා බවුසර් රථ 350-400 ත් අතර ප්‍රමාණයක් යොදාගෙන තිබුණි.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු-ව ප්‍රමාණවත් තරමට තොග ඇති බව අමාත්‍යවරයා පැවසූවද මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දිගු ඉන්ධන පෝලිම් දැකිය හැකි ය.
මේ අතර ඉන්ධන ක්ෂේත්‍රයට අදාල වෘත්තීය සමිතිනායකයෙකු වන ආනන්ද පාලිත මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ අමාත්‍යවරයා මොන කතා කීවත් ගබඩාතුළ ඉන්ධන නැති බවයි. විශේෂයෙන්ම පෙට්‍රල් තොග නොමැති බව ඔහු අවධාරණය කළේය.