‘ඉන්ධන -විදුලිය වාහන විතරක් නෙවෙයි
කඩදාසියක්වත් අනවශ්‍ය ලෙස භාවිතා කරන්න එපා.’
ජනපති උපදෙස් දෙයි.
රාජ්‍ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාර දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන චක්‍රලේඛය දැඩිව පිළිපදින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළු රාජ්‍ය සේවකයන්ට අවධාරණය කර සිටියි.
අදාල චක්‍රලේඛය අනුව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවටද ජනාධිපතිවරයා අනතුරු හගවා තිබේ.
රජයේ කාර්යාල සදහා නව ගොඩනැගිලි කුළියට ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
එමෙන්ම රජයේ අවශ්‍යතා සදහා නව වාහන මිලදී ගැනීම හෝ කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සදහා වූ කොන්තරාත්තු අළුත් කිරීම සදහා භාණ්ඩාගර දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය අවශ්‍ය බවටද නිවේදනය කර තිබේ.
කඩදාසි භාවිතය පවා අවම කරන ලෙස උපදෙස් දී ඇති අතර රජයේ ආයතනවල ඉන්ධන – විදුලිය සහ සන්නිවේදන පහසුකම් භාවිතා කිරීමද අවම කරන ලෙසට උපදෙස් දී තිබේ.
රාජ්‍ය ආයතවල වියදම් පාලනය සදහා අදාල ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියෙකු මූල්‍ය ප්‍රධානියා සහ මානව සම්පත් අංශයේ නිළධාරියෙකුගෙන් සමන්විත ඉහළ මට්ටමේ කළමණාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමට නියමිත බවද වාර්තා වේ.