‘ඉන්ධන හිගයක් නෑ.’ ඇමති.

0
93

ඉන්ධන හිගයක් නෑ.
ඇමති.
දින හතරකින් ඉන්ධන ලැබී නෑ.
බස් සංගම්.

ඩීසල්-පෙට්‍රල්භූමිතෙල් ඇතුළු සියළු වර්ගවල ඉන්ධන හිගයකින් තොරව බෙදා හැරීම සදහා අවශ්‍ය පමණට තොග තිබෙන බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව යළි පිරිපහදු කටයුතු ආරම්භ කර ඇති බව පවසන ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඒ අනුව පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් සපුගස්කන්ද පිරිපහදුව හරහා නිෂ්පාදනය කෙරෙන බවද පවසයි.

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ නැවතත් පෝලිම් දක්නට ලැබේ.

මේ අතර බස් රථ ධාවනය සදහා ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොලැබීම හේතුවෙන් අද දිනයේ දී පෞද්ගලික බස් රථ ධාවනය 8-0% කින් පමණ පහත වැටෙනු ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජන් මහතා පවසයි.

මාසයක පමණ කාලයක් විධිමත්ම ඉන්ධන ලැබුනද දැනට දින හතරක පමණ සිට පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබා නොදෙන බවට ඔහු චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 13 =