ඉන්ධන ළග තබා ගත්තා යැයි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට නිදහස..! ඉන්ධන තොගය යළි ඔහුටම භාර දෙන ලෙසත් අධිකරණය නියෝග කරයි.

0
137

ඉන්ධන තොගයක් ළග තබා ගත්තා යැයි අත් අඩංගුවට ගෙන තිබුණු ව්‍යාපාරිකයෙකු නිදොස්කොට නිදහස් කිරීමට මහර අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඞීසල් ලීටර් 385 ක් නීති විරෝධී ආකාරයෙන් සන්තකයේ තබා ගැනීම අදාල ව්‍යාපාරිකයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

කෙසේ වෙතත්, ඉන්ධන ළග තබා ගැනීම වරදක් බව ඛණිජ තෙල් පනතේ සදහන් නොවන බැවින්, ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසියට නොහැකි බව ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා තර්ක කර තිබෙන අතර, එය පිළිගෙන ව්‍යාපාරිකයා නිදහස් කිරීමටත් අදාල ඞීසල් තොගය නැවත ඔහුට භාර දීමටත් අධිකරණය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + six =