ඉපැරණි ඉන්කා ශිෂ්ඨාචාරයෙන් හමු වූ පිටසක්වල ජීවීන්ගේ යැයි කියන සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරයි..!

0
1095

ඉපැරණි ඉන්කා ශිෂ්ඨාචාරයෙන් හමු වූ
පිටසක්වල ජීවීන්ගේ යැයි කියන
සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරයි..!

පිටසක්වල ජීවීන්ගේ යැයි විශ්වාස කරන සිරුරු දෙකක්, මෙක්සිවේ කොන්ග්‍රස් මණ්ඩල දේශපාලනඥයන් ඉදිරියේ ප්‍රදර්ශනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිරුරු, ඉන්කා අධිරාජ්‍යයේ අගනුවර වූ ක-ුස්කෝ නුවරින් හමු වී ඇති බව පැවසේ.

දශක ගණනාවක්, හදුනා නොගත් ආකාශ වස්තූන් සහ පිටසක්වල ජීවීන් පිළිබදව පර්යේෂණ සිදුකරන මාධ්‍යවේදියෙකු සහ තවත් විද්‍යාඥයන් කිහිප දෙනෙකු මෙම පිටසක්වල ජීවීන් අනාවරණය කිරීම සදහා සහභාගී වී තිබේ.

මෙම මළ සිරුරු වසර දහසකට වඩා පැරණි බව කාබන් පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මෙම සිරුරුවල සංයුතිය 3-0%කින් මනුෂ්‍ය නොවන බව විද්‍යාත්මකව තහවුරුකරගෙන ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, මේවා පිටසක්වල ජීවීන්ගේ මෘත කලේබර ලෙස පිළි ගැනීමට අකමැති පිරිස්ද සිටිති. මෙම මෘතදේහ, ජාන විකෘති වූ බළලුන්ගේ යැයි ඇතැම් පිරිස් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − five =