ඉරානයෙන් බොරතෙල් මිලට ගැනීමට සූදානම්..!
අලි සබ්රි සාකච්ඡා අරඹයි.
ඉරානයෙන් බොරතෙල් මිලදී ගැනීම සදහා වූ ද්වීපාර්ශ්වික සාකච්ඡා අරඹා ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සමුළුව සදහා සහභාගීවීමට එක්සත් ජනපදනයේ නිව්යෝර්ක් නුවර බලා ගොස් සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉරාන විදේශ අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ඉරානයෙන් ඉන්ධන ආනයනය ට අදාල කටයුත-ු සම්පුර්ණ කිරීම සදහා මැදිහත්වන ලෙස මෙරට ඉරාන තානාපතිවරයාට දැනුම් දෙන බවට ද ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමති අලි සබ්රිට පොරොන්දු වී තිබේ.