ඉලක්කය; රුපියල් බිලියන 217 ක් වූ
ඉතිහාසයේ ඉහළම සුරා බදු ආදායම
උපයා ගැනීම.
නමුත් පළමු මාසදෙකේ දී ම ආදායම 35% කින් පහතට.
ඉතිහාසයේ ඉහළම වාර්ෂික බදු ආදායම වූ රුපියල් බිලියන 217 ක බදු ආදායමක් උපයා ගැනීමේ ඉලක්කය හඹා යන සුරාබදු දෙපාර්තමේන්තුව, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස දෙකේ දී ම බදු ආදායම 35% කින් පහත දමාගෙන ඇති බව වාර්තා වේ.
කිහිප වතාවක දී ම මත්පැන් මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මේ සදහා බලපා ඇති බව පැවසේ.
මේ තත්ත්වය යටතේ මුදල් අමාත්‍යංශය ලබා දී තිබෙන රුපියල් බිලියන 217 ක ඉලක්ක සපුරා ගැනීම අපහසු වනු ඇති බව වාර්තා වේ.