ඉල්ලීමක් ලැබුනොත් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණයට සහාය වීමට බ්‍රිතාන්‍යය සූදානම්..!

0
284

ඉල්ලීමක් ලැබුනොත්
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණයට
සහාය වීමට බ්‍රිතාන්‍යය සූදානම්..!


ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණයට සහාය වීමට තමන් සූදානම් බව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු – ආරක්ෂාව – [UK Home Office Minister of State for Security] භාර අමාත්‍යවරයා වන Tom Tugendhat මහතා පවසා තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා එවැනි ඉල්ලීමක් ඉදිරිපත් ව නැති බවයි ඔහු ඉගිකොට තිබෙන්නේ.

පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් නැවත මව්රටට ගෙන්වා ගැනීම සදහාත් එකී වින්දිතයන්ගේ පවුල්වලට සහාය වීම සදහාත් විශේෂ නිළධාරීන් කණ්ඩායමක් මෙට්‍රොපොලිටන් පොලිසියේ ත්‍රස්ත මර්දන අණදෙන නිළධාරීන් විසින් ලංකාවට එවූ බව අමාත්‍යවරයා පවසා තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණ නිසි පරිදි සිදු නොවන බවට විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කරමින් තිබෙන තත්ත්වයක් යටතේ පසුගිය ජූලි මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකී විමර්ෂන සදහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දැනුම් දුන්නේ ය.

පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු මියගොස් තිබුණු අතර මිය ගිය පිරිස අතර විදේශිකයන් 45 දෙනෙකු සිටි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 14 =