ඉල්ලීම් තුනයි – දින හතයි..! සාකච්ඡා මේසයෙන් ඉවත්වන බව ටී.එන්.ඒ කියයි.

0
115

13 වන සංශෝධනය බලාත්මක කිරීම.
දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
හමුදාව අත්පත්කරගත් ඉඩම් යළි භාර දීම.
ඉල්ලීම් තුනයි – දින හතයි..!
සාකච්ඡා මේසයෙන් ඉවත්වන බව ටී.එන්.ඒ කියයි.


ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡා එතරම් ඵලදායී මට්ටමක නොපවතින බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු- මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

ඉන් පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් නැවත රැස් වී ඇති ද්‍රවිඩ ජාතික මහජන නියෝජිතයන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සදහා දින හතක කාලයක් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම දින හත තුළ සිය ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත්වන්නේ නම් සාකච්ඡා මේසයෙන් ඉවත්වීමට ඔවුන් කටයුතු කිරීමට නියමිත ය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්කම කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ හමුදා විසින් උතුරු නැගෙන හිර අත්පත්කරගෙන ඇති ඉඩම් නැවත ඒවායේ හිමිකරුවන් වෙත පැවරීම යන ඉල්ලීම් ඔවුන්ගේ මූලික ඉල්ලීම් තුන යටතට අයත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 8 =