ඉවත්කරන ආණ්ඩුකාරවරු අතර වසන්ත කරන්නාගොඩත් සිටියි.

0
405

ඉවත්කරන ආණ්ඩුකාරවරු අතර
වසන්ත කරන්නාගොඩත් සිටියි.


ඉවත් වන ලෙස දැනුම් දී ඇති ආණ්ඩුකාරවරු අතර, වයඹ පලාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ද සිටින බව වාර්තා වේ.

සිවිල් යුද්ධය අවසන් සමයේ හිටපු නාවික හමුදාපතිවරයා වන වසන්ත කරන්නාගොඩට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය දා සම්බාධක පැනවී ය. ඒ, ඔහු විසින් සිදුකර තිබෙන මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ සිදුවීම් බරපතල මෙන්ම නිසැක බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව, ඔහුට සහ ඔහුගේ බිරිදට ඇමරිකාවට ඇතුලුවීම තහනම්ය.

ආණ්ඩුකාරවරු සිව් දෙනෙකුට ඉවත් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බව පසුගිය සෙනසුරාදා දිනයේ දී වාර්තා වූ අතර, එම සිව් දෙනා අතරට වසන්ත කරන්නාගොඩගේ නම ඇතු-ළත්ව තිබුණේ නැත.

කෙසේ වෙතත්, නවතම වාර්තාවන්ට අනුව, වයඹ ආණ්ඩුකාර දූරයෙන් වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =